පිත්තාශයෙහි ගල්

පිත්තාශයෙහි ගල් මගින් බොහෝවිට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි. නමුත් මෙම ගල් මගින් පිත්ත ප්‍රනාල අවහිර වුවහොත්, එමගින් ක්ෂණික , දැඩි උදර වේදනාවක් ඇතිවේ. එය බිලියරි කොලික් (biliary colic) ලෙස හදුන්වනු ලබයි. අනෙක් ලක්ෂණය වර්ධනය වන්නේ සිර වීම වඩාත් දරුනු හෝ ආහාර මාර්ග පද්ධතියේ වෙනත් ස්ථානයක සිර වුවහොත්ය.

උදර වේදනාව (බිලියරි කොලික්)

පිත්තාශයෙහි ගල් මගින් ක්ෂණික, තිව්‍ර උදර වේදනාවක් ඇතිවේ. එය පැය 1-5 පමණ කාලයක් පැවතිය හැකි අතර සමහර අවස්තාවලදී මිනිත්තු කිහිපයක් පමණක් පවතී. වේදනාව දැනෙන්නේ:

  • උදරයේ මධ්‍යයේ ය
  • ඔබේ දකුණු පැත්තේ පර්ශු වලට යටින්-මෙතැන් සිට පැත්තකට හෝ උරස් තල වෙත මෙම වේදනාව පැතිර යා හැක

වේදනාව දිගටම පවතින අතර එය වැසිකිලි යාමෙන් හෝ අසනීපයෙන් සීටීමෙන් සමනයට පත් නොවේ. සමහර අවස්වථාලදී මේදමය ආහාර ගැනීමෙන් එය වැඩි වන අතර දවසේ ඕනෑම කාලයකදී ඇතිවේ. රාත්‍රියේදී නින්දෙන් වුවද අවදිවිය හැක. මෙම උදරාබාධ නිතර නිතර ඇති නොවේ. එක් වේදනා සහගත පරිච්ඡේදයකින් පසු නැවත එය ඇතිවන්නේ මාස හෝ සති ගනනාවකට පසුවය. සමහර පුද්ගලයන්ට අධ්ක ලෙස දහදිය දමන, අසනීප සහගත හෝ වමනයට එන අවස්ථාද පවතී. පිත්තාශයෙහි ගල් මගින් උදරයේ වේදනාව ඇතිවන විට එය සංකීර්ණ නොවන පිත්තාශයෙහි ගල් රෝගය (uncomplicated gallstone disease) ලෙස හදුන්වනු ලබයි.

අනෙකුත් රෝග ලක්ෂණ

ඉදහිට ගල් මගින් වඩාත් දරුනු ප්‍රශ්න ඇති කරනු ලබයි. එසේ වන්නේ එමගින් දීර්ඝකාලීනව පිත ගලා යාම අවහිර වුවහොත් හෝ කුඩා අන්ත්‍රය, අග්න්‍යාශය වැනි අවයවයක සිර වුවහොත් ය. මෙය සිදුවුවහොත් ඔබට,:

  • සෙල්සියස් 38 හෝ ඊට ඉහළ උෂ්ණත්වයක් පැවතිය හැක
  • දීර්ඝකාලීන වේදනාව
  • වේගවත් හදගැස්ම
  • සම හෝ ඇස් කහ පැහැති වීම
  • සම කැසීම
  • පාචනය
  • හිරිගඩු පිපීම හෝ වෙවුලීම
  • ව්‍යාකූලත්වය
  • ආහාර අරුචිය

මෙම සංකීර්ණ තත්ත්වය වෛද්‍යවරුන් විසින් සංකීර්ණ පිත්තාශයේ ගල් රෝගය(complicated gallstone disease) ලෙස හදුන්වනු ලබයි.

වෛද්‍ය උපදෙස් ලබා ගත යුත්තේ කුමන අවස්ථාවේදීද

ඔබට බිලියරි කොලික් (biliary colic) තත්ත්වය පැවතිය හැකි යැයි සිතන්නේ නම් වෙදැදුරු හමුවන්න. මෙම ලක්ෂණ වර්ධනය වුවහොත් ඉක්මනින් ඔබගේ වෙදැදුරු හමුවන්න:

  • ඇස් සම කහ වීම
  • පැය 8කට වඩා පවතින උදර වේදනාව
  • ඉහළ උෂ්ණත්වය හා හිරිගඩු පිපීම
  • කුමන ඉරියව්වකින් සිටියද සමනය නොවන උදර වේදනාව